චැතම් වීදියේ විරෝධතාවට දිගට හරහට කඳුළු ගෑස් ප්‍රහාර!

Date:

කොළඹ කොටුව චැතම් වීදිය ප්‍රදේශය මේ වන විට ඉතා උණුසුම් වී තිබෙනවා.

අරගලයේ නිරත පිරිස් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් එල්ල කිරීමත් සමඟයි එම ප්‍රදේශය දැඩි උණුසුම් තත්ත්වයක් ගෙන ඇත්තේ.

අරගලයට සහය පළකරමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ජනතාව පැමිණෙමින් සිටින අතර එම ප්‍රදේශය සිසාරා විශාල ජනතාවක් රැස්ව සිටිනවා.

කෙසේවෙතත් පොලීසිය සහ හමුදාව ද විශාල පිරිසක් යොදවා ඇති නමුත් ආරක්ෂක බල ඇණි අභිබවා ජනතාව රැස්වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ගෝල්ෆේස් අරගල බිමද ජනතාවගෙන් පිරී පවතින බව සඳහන්.

අලුත්කඩේ උසාවි සංකීර්ණයේ සිට නීතිඥවරු අරගල භූමිය වෙත විරෝධතා පාගමනින් පැමිණෙමින් සිටින අතර කලාකරුවන්ද එල්ෆින්ස්ටන් රඟහල අසල සිට අරගල බිමට පාගමනින් පැමිණීමට සූදානමින් සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...