මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

Date:

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ද පරාජයට පත්ව තිබේ.

එම අයවැය අද (20) දිනයේදී එම සභාවේ සභාපති අරුණ ප්‍රසාද් මහතා (ජාජබ) විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රී සංජීව ලලීන්ද්‍ර මහතාගේ ඉල්ලීමක් අනුව එම අයවැය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වනු ලැබිණි.

එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 16ක් හිමිවු තිබූ අතර ඊට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 15ක් පමණි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා ඡන්ද විමසීමට සහභාගී වී නොමැත.

කළුතර ප්‍රාදේශීය සභාවේ ජාජබ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සිටින අතර විපක්ෂය නියෝජනය කරන පක්ෂවල මන්ත්‍රීවරු 17 දෙනෙකු සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...