පොලිස් නිළධාරීනුත් අරගලකරුවන්ට එක්වන ලකුණු – පළමු පියවර මහරගමින් (Video)

Date:

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස් වන්නැයි බලකරමින් මේ වනවිට දහස් ගණන් ජනතාව කොළඹට එකතුවෙමින් සිටී. මීට අමතරව දිවයින පුරා ප්‍රධාන නගර රැසක විරෝධතා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

කොට්ටාව ප්‍රදේශයෙන් ආරම්භ වූ පා ගමනක් මහරගම පසුකර මේ වනවිට නුගේගොඩ නගරය වෙත පැමිණ තිබෙනවා.

පා ගමන මහරගම නගරය පසු කරමින් සිටියදී විශේෂ සිදුවීමක් සිදු වූ අතර ට්‍රැෆික් බයිසිකලයකින් පැමිණි පොලිස් නිළධාරියෙකු තමා පැළඳ සිටි හෙල්මටයද විසිකර දමා අරගලකරුවන් හා එක්වන අයුරු දක්නට ලැබිණි.

මේ වනවිට පොලිස් නිළධාරීන් දහස් ගණනක් කොළඹ නගරය වෙත කැඳවා තිබෙන නමුත්, දහස් ගණනින් කොළඹ නගරයට එක්වන අරගලකරුවන් පාලනය කිරීමට ඔවුන් අසමත්ව සිටී. අරගලකරුවන් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාවිරෝධී පාලකයන් ආරක්ෂා කිරීම පසෙක තබා තමා හා එක්වන ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...