මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරාජයට පත්ව තිබේ.

අද (21) දිනයේදී පැවති ඡන්ද විමසීමේදී එම අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 6 දෙනා ඡන්දය භාවිතා කර තිබුණු අතර ඊට විරුද්ධව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ඡන්දය භාවිතා කර ඇත.

සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සමස්ත මන්ත්‍රීවරුන් ගණන 16 කි. ඒ, ජාජබට මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සහ විපක්ෂයට මන්ත්‍රීවරුන් 10 දෙනෙකු වශයෙනි.

විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අද දිනයේ සභාවට පැමිණ නොසිටි අතර අද සභාවාරය අතරතුරදී හදිසියේ අසනීප වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු රෝහල්ගත කර තිබිණි.

සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය ජාතික ජන බලවේගය විසින් මුල්වරට ඉදිරිපත් කළේ පසුගිය නොවැම්බර් 07 වනදා ය. එදින එම අයවැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...