හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි

Date:

තමන් මේ ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළාදැමීම සඳහා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අවංක දක්ෂ රාජ්‍ය සේවකයෝ පැත්තක තියලා අද සමස්ත රාජ්‍ය සේවය තමන්ගේ පක්ෂයේ ග්‍රහණයට ලක්කරගන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. එක පැත්තකින් අධිකරණ පද්ධතියට බලපෑම් කරන්න ආණ්ඩුව උත්සාහ කරනකොට තවත් පැත්තකින් තමන්ගෙ ග්‍රහණයට මේ රටේ පොලීසිය පවරාගෙන. මම දැක්කා ඊයෙ අතිගරු ජනාධිපතිතුමා කියනවා රාජ්‍ය සේවකයින්ට දේශපාලනය කරන්න එපා, දේශපාලනය ජනාධිපතිතුමා කරන්නම් ලු. පොලිස්පතිතුමාටත් ආණ්ඩුවට අසීමිති විදියට කඩේ යන රාජ්‍ය සේවකයින්ටත් මතක් කරනවා, ඔව් ඔබ අවංකව ඔබේ රාජකාරිය ඉටුකරන්න, ආණ්ඩුවත් එක්ක තියෙන දේශපාලන ප්‍රශ්නය අපි විසඳාගන්නම් ආණ්ඩුවත් එක්ක.

එදා අමුඩේ ගහගෙන කුඹුරේ බැහැපු නායකයො අද ටයි කෝට් ගහගෙන කොළඹට වෙලා ඉන්නවා. ගොවියාගෙ වී ටික විකුණාගන්න විදියක් නෑ. පොහොර සහනාධාරය ඉල්ලුවාම මොකක්ද කියන්නෙ ? ගිහිල්ලා පොහොර ගහගන්න, පස්සෙ දෙන්නම් කියනවා. ඕක ආණ්ඩුවෙන් අහගන්න ඕනෙද ? පොහොර ගහගන්න ඕනෙ කියලා අපි දන්නවා. කරුණාකරලා ගොවියාට අත තියන්න ලෑස්ති වෙන්න එපා. ආවෙ නම් හාල් මාෆියාව එක පෑන් පහරින් අයින් කරනවා කියලා. මොකක්ද වුණේ ? හාල් මාෆියාව අයින් කිරිල්ල කෙසේවෙතත් දවස් 12න් කැබ් 1700ක් නම් ගෙනාවා.

කුඩු අල්ලන්න එපා කියලා අපි කියන්නෙ නෑ. කුඩු අල්ලන්න. වරායෙන් පන්නපු කන්රේනර්වල කුඩු ටිකත් අල්ලන්න. ආණ්ඩුවෙන් පෝෂණය ලබන සංවිධානාත්මක අපරාධකරුවො ආරක්ෂා කරන ගමන්, තමන්ගෙ පක්ෂයේ කට්ටිය අහුවෙනකොට මොකක්ද ආණ්ඩුව අනිත් පැත්තට කරන්නෙ ? තමන්ගෙ සංවිධානයෙ අහ, විදුහල්පති පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණලා අහුවෙනකොට මොකක්ද ආණ්ඩුව කරන්නෙ ? ඒක මාධ්‍යයට දාන්න තහනම් කරලා නියෝගයක් දෙනවා. ආණ්ඩුවෙන් පෝෂණය ලබන සංවිධානාත්මක අපරාධකරුවන් කණ්ඩායමක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් ඒ සංවිධානාත්මක අපරාධකරුවන් හරහා මේ රටේ විපක්ෂය මර්දනය කරන්නත් ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නෙ ඔය සෙල්ලම් හරියන්නෙ නෑ, ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්න අපට කොන්දක් තියෙනවා කියලා මතක් කරලා දෙනවා අපි.

බොරුව නවත්තලා කරුණාකරලා වැඩකරන්න පටන් ගන්න. ගරු ජනාධිපතිතුමනි, නැවක් හදන්නෙ නැංගුරම් දාලා වරායේ නවත්තලා තියන්න නෙවෙයි. අපි ජනබලය ජනමතය ගොඩනඟන්නේ ආණ්ඩුව පුළුවන් පළවෙනි අවස්ථාවේදීම පෙරළන්නයි කියන එකත් අපි ජනාධිපතිතුමාට මතක් කරනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) නුගේගොඩදී පැවති “මහා ජන හඬ” විරෝධතා රැලිය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...

වැසි තත්වයේ වැඩිවීමක් – අද (22) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින...

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...