බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW

බංගලාදේශ සංචාරයට නම් කරන ලද සංචාරක කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරිස්ට පවරන්නට තීරණය කර ඇත.වයස අවුරුදු 13 සිට සිය විද්‍යාලීය ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන සහ ඔවුන්ගේ රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරග ඉතිහාසයේ දැවන්ත ඉණිම ගණනාවකට හිමිකම් කියන්නට මේ වන විටත් සමත්ව සිටින රෙහාන්,ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට පලදායී ක්‍රීඩකයෙකු බව මේ වන විටත් පෙන්වා ඇත.


අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියක ශ්‍රී ලංකාව ලබා ගත් ප්‍රබලම ජයග්‍රහණය 1999 දී එම තරගාවලිය ශ්‍රී ලංකාවේදී සංවිධානය වූ මොහොතේ ලබා ගත් අනු සූරතාවයය.එහිදී කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස ද,පිතිකරුවෙකු ලෙස ද කැපී පෙණුන දස්කම් දැක් වූ රෙහාන් පීරිස්ගේ පියා වන රෂාන් පීරිස් තරගාවලියේ හොඳම පන්දු රකින්නා ලෙස ගෞරවයට පාත්‍ර විය.එසේම ඔහු පළමු පෙළ තරගාවලියේ දී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද අභිෂේක ගැන් වී ඇතත්,අවාසනාවකට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්නට තරම් අවස්ථාවක් පැවති තරගකාරී තත්ත්වයන් මත නොලද්දේය.


ඒ නිසා ක්‍රිකට්මය උරුමයක් සහිතව ක්‍රිකට් පිටියට පිවිස සිටින රෙහාන්,සිය පියාට නොලද අවස්ථාවන්වලට සමීප වෙමින් සිටිනු දැකිය හැකිය.රෙහාන්ට බංගලාදේශයට එරෙහිව ක්‍රීඩා කරන්නට හොඳ අත්දැකීම් ඇති කණ්ඩායමක් ලැබී ඇත.පිතිකරුවෙකු ලෙස ද නායකයෙකු ලෙස ද රෙහාන් මේ මුහුණ දෙන අත්දැකීම අතිශයින් පලදායී වන්නේ මේ වන විට ආසියාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩාව හොඳින්ම කළමණාකරනය වන රටක් බවට බංගලාදේශය පත්ව තිබෙන බැවිනි.අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය ආසියානු තරගාවලිය ආදී තරග ජයගෙන ඇති බංගලාදේශය මේ මොහොතේ ක්‍රියාත්මක ආසියානු නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේද අවසාන තරගයට පිවිස ඇත.ඒ නිසා රෙහාන් ඇතුළු පිරිසට ලැබී තිබෙන අභියෝගය සුළුවෙන් ගත නොහැකි එකක් වන අතර එහෙත් වසර ගණනක අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකු ලෙස රෙහාන්ට මෙන්ම එවන් ක්‍රීඩකයන් ගණනාවකගේ දායකත්වය කණ්ඩායමට ලැබෙන නිසා මේ අභියෝගයට මුහුණ දීමට ශක්තිය ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...

බංග්ලාදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ ඩකා...

ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල සංදර්ශනයක්. මුන් 159ක් හිටියාට නීති හදන්නෙ නෑ. හුඟක් අය දැන් මගේ සිංදු අහන්නෙත් නෑ – සංගීත්

වත්මන් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටළීම් හුදු සංදර්ශනයක් පමණක් බවත් ඒවායි...

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...