පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)

0
602

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ.

මේ හේතුවෙන් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය දෙසට පස් හා ගල් පෙරළී ඇති අතර මාර්ගය අයිනේ තිබූ වෙළඳසැලකටත් මාර්ගය අයිනේ නතර කර තිබූ වාහන කිහිපයකටත් අලාභ හානි සිදුව ඇති බව සඳහන්.

හානි වූ වෙළඳසැල තුළ සිටි තිදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත. එහි සිටි තවත් කිහිපදෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බවක් වාර්තා වන අතර ඔවුන් මුදාගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් වාර්තා විය.

මේ තත්වය තුළ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමාකර ඇති බවයි වාර්තා වන්නේ.