කටුනායක අධිවේගයේ ප්‍රභූ රථපෙළ පිළිබඳ තොරතුරු එළියට !

Date:

කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ප්‍රභූ රථ පෙළක වීඩියෝවක් අද සමාජ ජාලා මාධ්‍ය හරහා සංසරණය විය. මෙම ප්‍රභූ රථ පෙළ සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමුව තිබූ අතර ඒ පිළිබඳව අවධානය යොමුකළ බහුතරයකගේ අදහස වූයේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ සමීපතමයන් පිරිසක් රටින් පිටවීම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත ගමන් කරමින් සිටින බවයි.

මේ හේතුවෙන් කටුනායක අවට විශාල පිරිසක් ගුවන් තොටුපල පිවිසුම් මාර්ගයේ රැඳී සිටින්නේ අදාල ප්‍රභූ රථ පෙළ නතර කර ගැනීම සඳහායි.

ලංකා නිවුස් වෙබ් වෙත වාර්තා වන්නේ, ඉන්දියාවේ සංචාරයක නිරතව සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, විශ්‍රාමික යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා රැගෙන ඒම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත අදාල රථපෙළ ගමන් කරමින් තිබියදී කිසියම් පුද්ගලයෙකු එය වීඩියෝ කර සමාජ ජාලා මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි.

ඒ අනුව අදාල ප්‍රභූ රථ පෙළ, ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහුගේ සමීපතමයන් ගමන් ගන්නා රථ පෙළක් නොවන බව තහවුරු වී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු...

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...