අගමැති ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනීද?

Date:

රට තුළ මතුව තිබෙන තත්ත්වය මත ජනාධිපතිවරයා සමඟ අගමැතිවරයාද ඉල්ලා අස් විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී දැඩිව අවධාරණය කර ඇති අතර ඊට අගමැතිවරයා යම් සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති නමුත් එය නිශ්චිත ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.

එය රවුෆ් හකීම් මන්ත්‍රීවරයාද ට්විටර් පණිවිඩයක් තබමින් පවසා තිබෙන අතර ඊට පක්ෂ නායකයින් දැඩි විරුද්ධත්වයක් දක්වා ඇත.

මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ පරිදි රනිල් වික්‍රමසිංහ මහතා සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළකර ඇත්ත දැන් එය විරුද්ධ අතට දෝලනය වෙමින් තිබෙන බව සඳහන්.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු ව්‍යවස්ථාවට අනුව තමන්ට දින 30ක කාලයක් සිය ධූරයේ රාජකාරී කිරීමට අවස්ථාව ලැබෙන අතර එවිට වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගමැතිවරයා පත්වීමට නියමිතය.

තමන් අගමැතිධූරය භාරගත්තද අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ රැඳී සිටීම නිසා ජාත්‍යන්තර සහය ගැනීමට නොහැකි වීමෙන් බව වික්‍රමසිංහ මහතා සිය සමීපතමයන් වෙත පවසා ඇති බව සඳහන්.

ඒ අනුව දැනට පවතින තත්ත්වය මත ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු වික්‍රමසිංහ මහතා අපේක්ෂා කළ පරිදි ජාත්‍යන්තර සහය කඩිනමින් ලබා ගැනීමට හැකි බවත් එම වැඩපිළිවෙල පිටුපස ලොව ප්‍රබල රාජ්‍යයක් සිටින බවත් එම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතුයි – විද්‍යා හා තාක්ණ අමාත්‍ය 

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : පාරම්පරික පිත්තල කර්මාන්තය...

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන,...

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...