අගමැති ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනීද?

Date:

රට තුළ මතුව තිබෙන තත්ත්වය මත ජනාධිපතිවරයා සමඟ අගමැතිවරයාද ඉල්ලා අස් විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී දැඩිව අවධාරණය කර ඇති අතර ඊට අගමැතිවරයා යම් සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති නමුත් එය නිශ්චිත ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.

එය රවුෆ් හකීම් මන්ත්‍රීවරයාද ට්විටර් පණිවිඩයක් තබමින් පවසා තිබෙන අතර ඊට පක්ෂ නායකයින් දැඩි විරුද්ධත්වයක් දක්වා ඇත.

මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ පරිදි රනිල් වික්‍රමසිංහ මහතා සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළකර ඇත්ත දැන් එය විරුද්ධ අතට දෝලනය වෙමින් තිබෙන බව සඳහන්.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු ව්‍යවස්ථාවට අනුව තමන්ට දින 30ක කාලයක් සිය ධූරයේ රාජකාරී කිරීමට අවස්ථාව ලැබෙන අතර එවිට වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගමැතිවරයා පත්වීමට නියමිතය.

තමන් අගමැතිධූරය භාරගත්තද අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ රැඳී සිටීම නිසා ජාත්‍යන්තර සහය ගැනීමට නොහැකි වීමෙන් බව වික්‍රමසිංහ මහතා සිය සමීපතමයන් වෙත පවසා ඇති බව සඳහන්.

ඒ අනුව දැනට පවතින තත්ත්වය මත ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු වික්‍රමසිංහ මහතා අපේක්ෂා කළ පරිදි ජාත්‍යන්තර සහය කඩිනමින් ලබා ගැනීමට හැකි බවත් එම වැඩපිළිවෙල පිටුපස ලොව ප්‍රබල රාජ්‍යයක් සිටින බවත් එම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...