අධික වර්ෂාවත් සමඟ ඇල්ල කුඹල්වෙල ආඬිගල නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW :

අද (23) පස්වරුවේ පැවති අධික වර්ෂාවත් සමඟ ඇල්ල කුඹල්වෙල ආඬිගල නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයකු රෝහල්ගත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහිදී, තාප්පයකට යට වී සිටි පුද්ගලයකු ප්‍රදේශවාසීන් විසින් මුදවාගෙන මෙසේ රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන අතර, නිවසට ඉහළින් පිහිටි කණ්ඩියක් කැඩී මෙසේ නිවස මතට පස්‌ කන්දක් කඩා වැටී ඇති අතර නිවසට දැඩි හානි සිදුවී ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. නිවසේ පදිංචිකරුවන් ක්ෂණිකව ඉවත් කර වෙනත් ස්ථානයකට යොමු කර ඇති බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් වැඩි දුරටත් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්