පොලිස් වාර්තා පුවතට අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ CIDයට කැඳවයි !

Date:

අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාට අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් සිදුකර තිබේ.

ඒ, පසුගිය 19 වනදා එම පුවත්පතේ ප්‍රධාන පුවත ලෙසින් පළවූ “ග්‍රාම නිලධාරී සහතිකය මදි පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානිගේ අනුමැතියත් ඕනෑ” යන පුවත සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ය.

එම පුවතට අදාළව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාව CIDය විසින් ප්‍රශ්න කිරීමට නියමිත බව සඳහන්.

පොලිස් වාර්තා ලබාදීම සඳහා මහජන ආරක්ෂක කමිටු සභාපතිගේ සහතික පොලිස් ස්ථාන විසින් ඉල්ලා ඇති බව අරුණ පුවත්පත විසින් පමණක් නොව සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ පිරිස් අනාවරණය කර තිබූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබිණි. ඒ අනුව, අදාළ පුවත සත්‍යයක් බව පාර්ශ්ව ගණනාවක්ම පෙන්වා දී ඇත.

පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පුවත්පත් පැමිණිලි කොමිසම, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වැනි ආයතන ව්‍යුහ තිබියදී පොලීසිය භාර අමාත්‍යවරයා විසින් මෙසේ CIDය යොදවා පුවත්පත් කර්තෘවරුන් ප්‍රශ්න කරවීම පැහැදිලිවම මාධ්‍ය නිදහසට කෙරෙන තර්ජනයක් බව මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ අදහස වී තිබේ.

අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාව මේ වසරේදී මෙසේ CIDය හමුවට කැඳවෙන්නේ තුන්වැනි වතාවට ය.

මහින්ද ඉලේපෙරුම මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද කටයුතු කළ අයෙකු වන අතර ඔහු “මහින්ද චින්තන” ප්‍රතිපත්ති ප්‍රකාශය කෙටුම්පත් කිරීම සඳහා ද දායක වූ අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ සුමෝ තරඟාවලියක් ජයග්‍රහණය කළ පළමු යුක්රේන ජාතිකයා බවට ඩැනිලෝ යව්හුසිෂින් පත් වේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 24: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ...

හිටපු අගමැති හසීනා නැවත බාර දෙන ලෙස බංගලදේශය නැවත නැවතත් ඉන්දියාවෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 24: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මනුෂ්‍යත්වයට...

විභාග කොමසාරිස්වරිය විසින් අපේක්ෂකයින්ට කරන විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : පසුගිය දා මහනුවර...

වැසි තත්වයේ වර්ධනයක් – අද (24) කාලගුණය

දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හෙට(25) දිනයේදී...