රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW :
පසුගිය දා මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් කොළඹ මහනුවර මාර්ගයේ කොටසක් මේ වන විට වසා ඇත.
එබැවින් එම ප්‍රදේශය හරහා විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසු අපේක්ෂකයින් හට දුම්රිය මාර්ගය සහ වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දන්වා සිටී.
මෙසේ අවහිරතාවන්ට මුහුණ දී ඇති විභාග අපේක්ෂකයින් හට එම විකල්ප මාර්ග හරහා සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධ කරණයෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
හදිසි ජල ගැලීම් වැනි ආපදා අවස්ථාවන් හි දී විභාග අපේක්ෂකයින් හට සිය විභාග මධ්‍යස්ථාන වෙතගමින් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ, විභාග පැවැත්වෙන දිනයන්හි දී ඉහත දක්වා ඇති පරිදි විකල්ප ප්‍රවාහන ක්‍රම සඳහා ද ප්‍රවේශ වීමට නොහැකි යම් අපේක්ෂකයකු වේ නම් ළඟම පිහිටි කලාප අධ්‍යාපන කාර්යාලය හෝ පහත සඳහන් දුරකථන අංක අමතන ලෙසයි.
ඒ අනුව, මෙම අයහපත් කාලගුණික තත්ත්වය පවතින කාලය තුළ විභාග මධ්‍යස්ථාන වෙත කල් වේලා ඇති ව පැමිණීමට සැලසුම් කර ගන්නා ලෙස ද ඉල්ලා සිටී.
ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය හදිසි ඇමතුම් අංකය : 117
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය : 1911
පහතින් දැක්වෙන්නේ විභාග කොමසාරිස්වරිය විසින් අපේක්ෂකයින්ට කරන දැනුම් දීමයි.

