ජපාන නායිකාව සීමාව ඉක්මවා ගිහින් – චීන විදේශ ඇමති

කොළඹ LNW: ජපාන අගමැතිනියගේ වැරදි ප්‍රකාශවලින් චීන ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව චීන විදේශ ඇමති වං යී මහතා පවසනවා.

ආරාධනාවකට අනුව, වං යී මහතා පසුගිය 19වැනිදා සිට 22වැනිදා දක්වා කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටජිකිස්ථානය යන රටවල සංචාරයන් හි නිරත වී එම රටවල් තුනේ විදේශ අමාත්‍යවරුන් සමග උපායමාර්ගික සංවාද පැවැත්වුවා. එම සංචාරයෙන් අනතුරුව, හෙතෙම මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර ති‍බෙනවා.

ලෝකයේ ඇත්තේ එකම චීනය බවත්, තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත් මෙම මධ්‍යම ආසියා රටවල් තුන ප්‍රසිද්ධියේ අවධාරණය කර ඇති බව වං යී මහතා එහිදී පෙන්වා දුන්නා. එම රටවල් තුන ඕනෑම ආකාරයක “තායිවාන ස්වාධීනත්වයට” විරුද්ධ වෙමින් රටේ එක්සත්භාවය සාක්ෂාත් කරගැනීම සඳහා චීන රජය ගන්නා සියලු උත්සාහයන්ට තරයේම සහාය දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත්, වත්මන් ජපන් නායිකාව තායිවාන ප්‍රශ්නයට යුදමය ආකාරයෙන් මැදිහත් වීමට උත්සාහ කරන බවට වැරදි සංඥාවක් ප්‍රසිද්ධියේ සිදු කළා. ජපාන නායිකාවගේ වැරදි ප්‍රකාශ ගමන් නොකළ යුතු සීමාව ද ඉක්මවා ගොස් ඇති අතර එය චීන ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව වං යී මහතා කියා සිටියා.

චීනය සහ ජපානය අතර දේශපාලන ලියවිලි හතරකින් තායිවාන ගැටලුව සම්බන්ධයෙන් ජපාන රජය ස්ථීර පොරොන්දුවක් ලබා දී ඇති බව ද ඔහු පැවසුවා. ජාත්‍යන්තර නීතියෙන් බැඳී ඇති තම කැපවීම් ජපානයට කිසිසේත් කඩ කළ නොහැකි බව ද චීන විදේශ ඇමතිවරයා අවධාරණය කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...