ඩේසි ආච්චිගේ රෝගී තත්වයන් ගැන මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝගයක්

සටහන – රුවන් නෙළුගොල්ල

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය නඩුවකට පෙනී සිටීම සඳහා සුදුසු මානසික තත්වයක පසුවන්නේදැයි පරීක්ෂා කර බලා මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ, එම නඩුව ඊයේ (26) කැඳවූ අවස්ථාවේදී ය.

ඩේසි ෆොරස්ට් මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පසුගිය නඩුවාරයේදී අධිකරණය හමුවේ කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කර ඇත. නීතීඥවරයා එදින අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ සිය සේවාදායිකාව ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවත් ඒ අනුව මෙම තත්ත්වය යටතේ සිය සේවාදායිකාවට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් සලකා බැලිය යුතු බවත් ය.

නඩුව ජනවාරි 22 වනදා යළි කැඳවීමට නියමිත ය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...