වාහන ආනයනයේ වෙනසක් ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීම පසුගිය ජුලි මාසයේ සිට වැඩිවූ නමුත් මේ වනවිට එය සීඝ්රයෙන් පහළ වැටෙමින් පවතින බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

“විනිමය අනුපාතය පහුගිය දවස්වල යම් වෙනස්වීමක් තියෙනවා. නමුත් අපේ වගකීමක් තියෙනවා අස්ථාවරත්වය අනවශ්‍ය විදියට වැඩියි නම් මහබැංකුව හැමතිස්සෙම මැදිහත් වෙනවා. මේ අමතර අස්ථාවරත්වය අපි මැදිහත්වෙලා ඒක සමනය කළා. මේකට හේතුව යම් යම් ආකාරයෙන් මාකට් එකේ වාහන ආනයනය වැඩිවෙලා කියලා මතයක් තිබුණා, අපේ සංචිත ගැන මතයක් තිබුණා. ඒ වගේ මත අනුව යම් යම් වෙලාවට වෙනස් වෙනවා. ඒක නිසා අපි මැදිහත් වෙලා මේක සමනය කරලා දැන් යම්කිසි ආකාරයකට විනිමය අනුපාතය ස්ථාවර වෙලා තියෙනවා. පළවෙනි එක තමයි පහුගිය දවස්වල අපි දැක්කා වාහන ආනයනය යළි විවෘත කළාට පස්සෙ ජුලි මාසයේ ඉඳලා ණයවර ලිපි විවෘත කිරීම යම්කිසි ආකාරයකට වැඩිවෙලා ඊටපස්සෙ ආනයනය වැඩිවුණා. දැන් අපි දකිනවා ණයවර ලිපි විවෘත කිරීම සීඝ්රයෙන් පහළ වැටීගෙන එනවා. වාහන ආනයන මිලත් නොවැම්බර් දෙසැම්බර් මාසවලදී යම්කිසි ආකාරයකට අඩුවේගෙන එනවා. එතකොට අපිට විදේශ සංචිතවල යම්කිසි අඩුවීමක් තියෙන්න පුළුවන් මේ මාසයේදී, නමුත් අපි බිලියන 6 ආසන්නයේ පවත්වාගෙන යනවා. නමුත් ලබන මාසයේදී අර ආදායම් ඇවිල්ලා අපේ සංචිත ඉහළ යනවා. එතකොට අවුරුද්ද අවසානයේ ඉලක්කය ඉතා පහසුවෙන් අපි ළඟා කරගන්නවා. ඒත් එක්කම විදේශ විනිමය අනුපාතයත් වෙළඳපොල තීරණය කරන ආකාරයට තීරණය වෙයි”

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් 44ක් මියගොස් 279ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : හොංකොංහි...

බදුල්ලේ නායයෑම්වලින් 4 දෙනෙකු මරුට. 9 දෙනෙකු අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බදුල්ල...

අද (27) සහ හෙට (28) අ.පො.ස. උසස් පෙළ විභාගය නොපැවැත්වේ !

සටහන - රුවන් නෙළුගොල්ල අද (27) සහ හෙට (28) අ.පො.ස....

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි – අද (27) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු...