පක්ෂ නායකයන් අදත් රැස්වෙයි – ජනපති ධුරය පිළිබඳ අවසන් තීරණයක් !

Date:

රටේ වත්මන් අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් පස්වරු 02 කට රැස්වන බවයි වාර්තා වන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා (13) ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තු හරහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පක්ෂ නායකයන් අවසන් එකඟතාවයකට පැමිණෙනු ඇත.

ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව තාවකාලික ජනාධිපතිවරයෙකු පත්කර ගත යුතු අතර ඒ සඳහා අවස්ථාව හිමි වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටයි. ඔහුගේ පත්වීමෙන් මාසයක් ඇතුළත නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව මගින් තෝරා පත්කර ගත යුතු අතර මේ වනවිට ජනාධිපති ධුරය සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනාගාර ගැන ඇහෙන අමුතු කතා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : ගාල්ල බන්ධනාගාරයේ හෝ...

මාක්ස්වාදී හිසකට නව ලිබරල් ඇඟක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත්දා සිය දෙවැනි...

සිහින බොඳ කරමින් රහසේම ජීවිතය හැරගිය සිසුවිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10.කොළඹ LNW : මෙවර උසස් පෙළ විභාගයට...

කෙහෙළිය පවුල අදත් අල්ලස් කොමිසමට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක්...