කොළඹ LNW:අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබේ.
ඒ අනුව මිය ගිය අයගේ ඥාතීන් වෙත මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබෙන බව සඳහන්.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 40ක් මරණයට පත්ව තිබෙන අතර තවත් පුද්ගලයින් 21ක් අතුරුදහන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආශිකා බ්‍රාහ්මණ
