දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට මරණ 40ක් වාර්තා වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තවත් 21 අතුරුදහන් බවද එහි දැක්වේ.

බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක සංඛ්‍යාව 20ක් වන අතර පවුල් 1729ක පුද්ගලයින් 5893ක් ආපදාවට පත්ව සිටිති.

සුරක්ෂිත මධ්‍යස්ථාන 12ක් ක්‍රියාත්මක අතර පවුල් 148ක් එම ස්ථානවල සිටින බවයි ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය පවසන්නේ.

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 03ක් සම්පූර්ණයෙන් හානි වී තිබන අතර අර්ධ හානි 431ක් වාර්තා වී තිබේ.

ඒ අනුව අද (27) පස්වරු 06.00 වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙන සවිස්තරාත්මක තත්ත්ව වාර්තාව පහත දැක්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...