“එහෙම ලොකු අසනීපයක් නෑ.. වයසයිනේ” හිටපු ජනාධිපති මහින්ද රෝහල් ගතවීම ගැන නාමල්ගෙන් පිළිතුරු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW :

රෝහල් ගත කළද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තත්වය යහපත් බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බව නාමල් රාජපක්ෂ පවසයි. පවතින කාලගුණ තත්වය යටතේ ඕනෑම කෙනෙකුට උණ හෙම්බිරිස්සාවක් හැදෙන්න හැකි බවද නාමල් රාජපක්ෂ පැවසීය.මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ “එහෙම ලොකු අසනීපයක් නෑ.. වයසයිනේ” ලෙසයි.

තවද එසේ රෝහල් ගත කර ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

වෛද්‍යවරුන් විසින් පෙරදී නිර්දේශ කර තිබූ පරීක්‍ෂණ කිහිපයක් සිදුකිරීමට මෙහිදී කටයුතු කරන බවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...