පෘතුගාලයේ ලැව්ගිනි හේතුවෙන් 29 දෙනෙකුට තුවාල ; අනපේක්ෂිත තත්වයක් නිවේදනය කෙරේ

Date:

පසුගිය සතියේ සිටඋතුරු සහ මධ්‍යම පෘතුගාලයේ ප්‍රදේශ කිහිපයක ලැව්ගිනි ඇවිලෙමින් පවතින අතර සිකුරාදා සහ සෙනසුරාදා දිනවල නව ලැව්ගිනි 250කට ආසන්න ප්‍රමාණයක් ආරම්භ වී ඇති බව වාර්තා වේ. මෙහිදී ගිනි නිවන භටයින් 12 දෙනෙකුට සහ සිවිල් වැසියන් 17 දෙනෙකුට ගින්නෙන් තුවාල සිදුව ඇති අතර ඔවුන් වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය බව පෘතුගීසි රාජ්‍ය රූපවාහිනිය RTP සහ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ගින්න හේතුවෙන් හෙක්ටයාර් 1,500 (අක්කර 3,700) පමණ වෘක්ෂලතාදිය විනාශ වී ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවන භටයින් 3,000ක් සහ ගුවන් යානා 60කට වැඩි සංඛ්‍යාවක් දැඩි උෂ්ණත්වය මධ්‍යයේ සටන් කරමින් සිටිති. මේ අනුව රජය විසින් අනපේක්ෂිත තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.


පෘතුගාලය යනු දිගු කලක් තිස්සේ ඛේදජනක ලැව්ගිනි වලින් පීඩා විඳින රටකි. 2017 දී පාලනයෙන් තොර ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. එමෙන්ම පෘතුගාලය තුළ මේ වන විට දැඩි නියඟ සහිත තත්වයක් ඇති වී ඇති අතර ඉදිරි මාස වල එය සමස්ත භුමියෙන් 38%කට පමණ පලපානු ඇතැයි විද්‍යාඥයින් පවසයි. මුහුද සහ වායුගෝලය සඳහා වූ පෘතුගීසි ආයතනය (IPMA) මෙම සති අන්තයේ රටේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යනු ඇති බව නිවේදනය කර තිබේ.

මේ වන විට රජය විසින් විශේෂ අවදානමක් ඇතැයි සැලකෙන වනාන්තරවලට මහජන ප්‍රවේශය තහනම් කර ඇත. එමෙන්ම එළිමහනෙහි යන්ත්‍රෝපකරණ භාවිතාව හා ගිණි ‌‌කෙළි භාවිතාව තහනම් කර ඇත. අගමැති කොස්ටා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, එළිමහනේ කිසිදු ගින්නක් දැල්වීම හෝ ගිනි පුපුරක් ඇති කළ හැකි ගොවිපල යන්ත්‍රෝපකරණ භාවිතා නොකරන ලෙස සිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලෝකයේ දේශගුණික විපර්යාස, මහාද්වීපීය නියඟ සහ ලැව්ගිනි වැනි ස්වභාවික විපත් සඳහා දුෂ්කරම වසරවලින් එකකට මේ වන විට මුහුණ දී ඇති බව යුරෝපා සංගමය විසින් නිවේදනය කර ඇත.

SM-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...