“දිට්වා” සුළිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් දකුණෙන් – අද (28) අලුයම නිකුත් කෙරුණු රතු නිවේදනය මෙන්න !

0
2486

සටහන – රුවන් නෙළුගොල්ල

මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය ‘දිට්වා’ සුළි කුණාටුව මේ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 50ක් දකුණු දෙසින් කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය උතුර බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.