2016 ගංවතුරට වඩා වැඩි ගංවතුරක් හෙට (29)රාත්‍රියේ කොළඹට ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW :

ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී අද (28) දහවල් මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර , එහිදී ආපදාවට ලක්ව සිටින ජනතාව මුදාගැනීම සඳහා මේ වනවිටත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ආපදාවලට ලක්වූ ප්‍රදේශවලට ළඟාවෙමින් පවතින බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා කියා සිටියේය.

ආරක්‍ෂක ලේකම්වරයා එහිදී කියා සිටියේ, එමෙන්ම ග්‍රාමනිලධාරීන් විසින් ආපදාවට ලක්වූ පුද්ගලයින්ට ලබාදෙන උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා ලෙස ද ආපදාවට ලක්වූ ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, ආපදාවට ලක්වූවන්ට ආරක්ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙසත් ඔවුන්ට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට කටයුතු සුදානම් කරමින් ඇති බවත්, මේ වනවිට ගුවන් යානා, නාවික බෝට්ටු හා යුද භටපිරිස් ආපදාවට ලක්වූවන් මුදාගැනීම සඳහා කටයුතු සිදුකරමින් මෙහෙයුම් දියත් කර ඇති බවත්ය. ඇතැම් ස්ථානවලදී කාලගුණය ඊට බාධාවක් වී ඇති බවත් සඳහන් කළ ආරක්‍ෂක ලේකම්වරයා, තත්ත්වය කළමනාකරණය කිරීමට කටයුතු යොදා ඇති බවත් කියා සිටියේය.යුද හමුදා භටපිරිස් 20,500ක් ආපදාවට ලක්වූ පිරිස මුදාගැනීමට යොදවා ඇති බවත්, සියලු ආපදාවන් කළමනාකරණයට මේ වනවිට යුද හමුදා මුලස්ථානයේ ක්‍රියාන්විත මැදිරියක් ස්ථාපිත කර ඇති බවත් පැවසීය.

ආපදාවට ලක්වූ සියලු ජනතාවට ආහාර සැපයීමේ වගකීම ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාවට පවරා ඇති බවත්, මේ වනවිට ආපදාවට ලක්වූ පුද්ගලයින් 4,766ක් මුදාගැනීමට සමත්වී ඇති අතර, ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කරගැනීමට ඇතැම් ස්ථානවල අපහසු වී ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.

මේ අතර නාවික හමුදා සහන කණ්ඩායම් 141ක් මේ වනවිට සුදානමින් ඇති අතර, එයින් සහන කණ්ඩායම් 32ක් මේ වනවිට යොදවා ඇතැයි ද නාවික හමුදාපතිවරයා කියා සිටියේය.විශේෂයෙන්ම ගංවතුර මුදාගැනීම් සහ ගමන් පහසුව සැලසීම නාවික හමුදා භටපිරිස්වල මුලික වගකීම වන බවත් ධීවරයින් ගලවා ගැනීමටත් මේ වනවිට මෙහෙයුම් සිදුකරමින් පවතින බව නාවික හමුදාපතිවරයා පැවසීය. සහන සේවා සැලසීමට ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානා 6ක් ස්ථානගත කර ඇති නමුත් පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් එම කටයුතුවලට බාධා ඇතිව තිබෙන බව ගුවන් හමුදාපතිවරයා මෙහිදී කියා සිටියේය.

එහෙත් ගුවන් හමුදා භටපිරිස් 1,600ක පිරිසක් බදුල්ල හා මහනුවර යන ප්‍රදේශ මුලික කර ගනිමින් මේ වනවිට මුදාගැනීමේ මෙහෙයුම්වලට දායකත්වය දක්වා ඇති බව ද ගුවන් හමුදාපතිවරයා පැවසීය.මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, ඉන්දීය යුද නෞකාවේ ඇති ගුවන් යානා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදා ගැනීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කර ඇති බවය.එහෙත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ගුවන් යානා ගුවන්ගත කිරීමට ඔවුන්ට අසීරු තත්ත්වයක් පවතින බව ද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා මෙහිදී වැඩිදුරත් අදහස් දක්වමින් කියා සිටියේ, අවිස්සාවේල්ලෙහි ඇති ජල මාපකයෙහි ප්‍රමාණය අනුව 2016 ගංවතුරට වඩා වැඩි ගංවතුරක් කොළඹට හෙට (29) රාත්‍රියේ ඇති විය හැකි බවට බලාපොරොත්තු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පැසිපන්දුවේ ආබාධ ගැන අධ්‍යාපන බලධාරීන් ප්‍රතිකර්ම නොයොදන්නේ ඇයි?

නිශ්මං රණසිංහ නොවැම්බර් 28, කොළඹ LNW: පාසල් පැසිපන්දු සංගමයේ ක්‍රියාකාරීත්වය...

හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස යෝජනාවක්!

කොළඹ LNW:පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා පමණක් රට...

මේ අසීරු මොහොතේ සියලු දෙනා එක්වන්න – ජනපති පක්ෂ විපක්ෂ සියල්ලන්ගෙන් ඉල්ලයි

කොළඹ LNW: මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත...

කොළඹ මාර්ග කිහිපයක්ම ජලයෙන් යට වෙලා!

කොළඹ LNW:දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් කොළඹ...