නිශ්මං රණසිංහ නොවැම්බර් 28, කොළඹ LNW:
සෑහෙන කාලයකට පසුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ජයග්‍රාහී රිද්මයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එය පකිස්තානයට එරෙහිවද රඳවා ගනිමින් රාවල්පිණ්ඩි නුවර ක්‍රියාත්මක වන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්හ.සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව විශ්මිත ප්‍රහාරයක් දියත් කළ පැතුම් නිහ්ශංකට පකිස්තානයට එරෙහි තරගයේදී ඉක්මණින් පිටියෙන් ඉවත් වන්නට සිඳු වුව ද,එම අඩුව මකමින් අපූරු කඩුලු සබදතාවයක් ඇති කරන්නට කමිල් මිෂාර සහ කුසල් මෙණ්ඩිස් සමත් වූහ.එය පන්දු ඕවර් 6 න් පැමිණි ලකුණු 66 ක් විය.

වඩාත් වේගවත් වූ කුසල් මෙණ්ඩිස් දැඩි විශ්වාසයකින් පහර දුන්නත් පන්දු 23 දී ලැබූ ලකුණු 40 න් ඔහුට සීමා වෙන්නට සිඳු විය.එහෙත් මිෂාර නොනැවතී පෙරට ගියේය.කුසල් පෙරේරා ට වැඩි සහයක් දෙන්නට නොලැබිණි.එහෙත් මේ මොහොතේ කණ්ඩායමේ විශ්වසනීය සඟයා වී සිටින ජනිත් ලියනගේ මිෂාරට සිව්වන කඩුල්ලට ලකුණු 57 ක සබඳතාවයක් තබන්නට සහය විය.මිෂාර පන්දු 48 දී ලැබූ ලකුණු 76 න් ශ්‍රී ලංකා ඉණිම ගොඩ දමන්නට දායක වූ අතර ඉණිම නිමා වන විට ජනිත් ලියනගේ පන්දු 24 න් ලද ලකුණු 24 ක් සහිතව නොදැවී සිටියේය.නායක දසුන් ශානක පන්දු 10 න් ලද ලකුණු 17 ක් ලබා ඉණිමේ අවසාන පන්දුවේදී පස්වන කඩුල්ල ලෙස දුවද්දී දැවි යද්දී ලකුණු පූවරුවේ 184 ක් සටහන්ව තිබිණි.

පකිස්තානය හොඳ හඹා යාමක් දියත් කළ අතර 19 වන පන්දු ඒවරය ඇරඹෙන විට කඩුලු 5 ක් අතැතිව ලකුණු 163 ක් ලබා සිටි අතර නායක සල්මන් අගා හොඳ ඉණිමක් ගොඩ නඟා තිබිණ.එහෙත් 19 වන ඕවරයේදී ඒෂාන් මාලිංගගෙන් ලකුණු 12 ක් උඳුරා ගත්ත ද,ඔහුට පකිස්තානු කඩුලු ප්‍රමාණය 6 ක් කරන්නට හැකියාව ලැබිණ.දැවී ගියේ සල්මන් අගා සමඟ ලකුණු 70 ක සබඳතාවයක් තබා තිබුණු මොහොමඩ් නවාස් ය.ඔහු පන්දු 16 න් ලකුණු 27 ක් ලබා තිබිණ.

අවසාන පන්දු ඕවරයේ අවශ්‍යය වූයේ ලකුණු 10 ක් පමණි.සල්මන් අගා ලකුණු 62 ක් ලබා නොදැවී සිටියේය.දුෂ්මන්ත චමීර ඔහුට යැවූ පළමු පන්දුවට ලකුණු නොඳුන් අතර දෙවන පන්දුවට දුන්නේ එක ලකුණක් පමණි.තුන්වන පන්දුවට ලකුණු 2 ක් ලබා ගන්නට ෆාහීම් අෂ්රෆ් සමත් විය.සිව්වන පන්දුවේදි ලකුණු ලබා නොදෙමින් පීඩනය පකිස්තානය දෙසට හැරවූ චමීර පසුවන පන්දුවේදී ෆාහීම්ගේ කඩුල්ල දවා ගත්තේ එක් පන්දුවකට ලකුණු 6 ක් ලබා ගතහොත් තරගයේ ලකුණු තත්ත්වය සම කළ හැකි මට්ටමට ගෙනවිත්ය.එහෙත් චමීර විස්සයි විස්ස තරගයක අවසාන පන්දු ඕවරය විශ්වාස කළ නොහැකි අයුරෙන් නිමා කරමින් අවසාන පන්දුවද නිලකුණු පන්දුවක් කරේ ශ්‍රී ලංකාවට ලකුණු 6 ක ජයක් ලබා දෙමින් පකිස්තානු ලකුණු පූවරුව කඩුලු 7 ට ලකුණු 178 ට සිමා කරමින්ය.
සලමන් අගා ට නොදැවී ලකුණු 63 ක් ලබා කඩුල්ලේ රැදී සිටිමින් සෙසු පිතිකරුවන්ව අන්ද මන්ද කරමින් දුෂ්මන්ත චමීර පන්දු යවන ආකරය බලා සිටින්නට සිඳු විය.උස්මාන් ඛාන් ලකුණු 33 ක් ලැබූ අතර ලකුණු 27 බැඟින් ලබා ගත් නවාස්ගේ මෙන්ම ආරම්භක පිතිකරු සායිම් ආවුබ්ගේ ද කඩුලු ලබා ගනිමින් කඩුලු 2 ක් ලබා ගන්නට ඒෂාන් මාලිංග සමත් විය.ඔහුගෙන් පන්දු ඕවර් තුනකදී ලකුණු 42 පකිස්තානය උදුරා ගෙන සිටියදී 19 වන පන්දු ඕවරයේදී යළිත් ඔහු අත පන්දුව තබන්නට නායක දසුන් ශානකට ඔහුව විශ්වසනීය විය.එහෙත් පකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව අභියෝගාත්මක ලකුණු ප්‍රමාණයක් කරා රැඟෙන යන්නට පිතිකරුවන් සමත් වුව ද,පකිස්තානය හොඳ හඹා යාමක නිරතවෙද්දී ඊට එරෙහිව නැඟුණ ප්‍රබලම බාධකය වූ චමීර ලකුණු 20 ය කඩුලු 4 ක් ම බිඳ දමමින් ජයග්‍රහණයේ නියමුවා වෙමින් තරගයේ වීරයා ද විය.
https://bit.ly/486GYBu මේ හරහා තරගයේ ලකුණු පූවරුවට පිවිසිය හැකි අතර තරගාවලියේ අවසාන තරගයට ශ්‍රී ලංකාව සහ පකිස්තානය නොවැම්බර් 29 වන දා පිවිසෙන විට දුශ්මන්ත චමීර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙස මොහොමඩ් නවාස් සමඟ සමතැන් ගෙන සිටියි.මුල් තරගවලදී පිතිකරණයේ සිඳු වූ පසුබැස්ම නිසා ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු ලබා ගැනීම අතින් සිටින්නේ පසුපසින්ය.පස්වන හයවන ස්ථානවල පිළිවෙලින් පැතුම් නිශ්ශංක සහ කමිල් මිශාර සිටින අතර දෙක,තුන සහ හතර ස්ථාන සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට වෙන්ව තිබෙන බැවින් අවසාන තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් සළකද්දී පැතුම් සහ මිශාර දෙවන සහ තෙවැනි කැන්වල සිටියි.
