විදුලිය බිඳ වැටීම් 65,000 ඉක්මවයි!

Date:

කොළඹ LNW: අද (28) උදෑසන වන විට විදුලිය බිඳවැටීම් 65,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබුණු අතර ඉන් 26,000කට ආසන්න ප්‍රමාණයක් යථාතත්ත්වයට පත්කර ඇතැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

ලංකාව පුරා බලපවත්වන අයපත් කාලගුණ තත්ත්වය නිසා රටේ විදුලි සැපයුම බොහෝ ප්‍රදේශවල අඩාල වෙමින් පවතින අතර විශේෂයෙන්ම මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ගස් කඩා වැටීම්, කනු කඩා වැටීම් වැනි සිදුවීම් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

”හැම තැනකම වර්ෂාව බොහොම ඉහළින් වාර්තා වෙනවා.විශේෂයෙන්ම සියලුම බලාගාර ආශ්‍රිත ජලාශ බහුතරයක් වාන් දමමින් පවතිනවා. අපි ඒවා හැම දෙයක්ම පාලනය කරගන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. යථාතත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් සහ අභියෝග වැඩි වැඩියෙන් අවශ්‍ය කාර්ය මණ්ඩලය යොදවමින් කාර්යක්ෂමව මේ සියලු බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු, ලංකා විදුලි මණ්ඩලයේ පාලනාධිකාරිය වගේම සියලුම සේවකයන්ගේ මැදිහත් වීම් මත සිදුවීම් පවතිනවා. කෙසේ වෙතත්, මේ බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමටත් මේ කාලගුණ තත්ත්වයම බලපෑම් එල්ල කරමින් තිබෙනවා. දැඩි සුලඟ සහ වර්ෂාව නිසා ගස් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතුද යම් මට්ටමකට ප්‍රමාද වෙමින් පැවතියත් අපගේ උපරිම සේවාව ජනතාව වෙත ලබාදීමට කටයුතු කරමින් පවතිනවා.” යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...