ක්‍රිකට්,පාපන්දු සහ රගර් වෙත වැස්ස හරහට එයි

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 29, කොළඹ LNW:

මේ දිනවල ජාතික මට්ටමෙන් පැවත්වෙන ක්‍රිකට්,පාපන්දු සහ රගර් තරගාවලි අයහපත් කාලගුණ තත්ත්වය නිසා කල් දැමීමට සිඳු වූ බව එම ක්‍රීඩා පරිපාලනයන් විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.


ඒ අනුව ප්‍රීමා අවුරුදු 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගය මෙම ව්‍යසනකාරී තත්ත්වය පහව යන තුරු නොපැවත්වීමට තීරණය වී තිබෙනවා. දිවයිනේ ප්‍රධානතම අන්තර් සමාජ පළමු පෙළ තරගාවලිය වන ‘ඒ’ කාණ්ඩයේ තුන්දින තරගාවලිය අද (28 වැනිදා) ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එහි ආරම්භක දිනය දෙසැම්බර් 5 වැනිදාට කල් දමා තිබේ.බී කාණ්ඩයේ තරගද අද ආරඹ්භ නොවන අතර එහි ආරම්භක දිනය ලෙස නම් කර ඇත්තේද දෙසැම්බර් 5 වන දා යි.


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ද ඊයේ අද සහ හෙට පැවත්වීමට තිබුණ තරග හයක් කල් දැමීමට තීරණය කර තිබෙනවා.ඔවුන් පවසන්නේ එම තරග පැවත්වෙන දිනයන් ඉදිරියේදී දැණුම් දෙන බවයි.
අන්තර් සමාජ රග්බි තරගාවලියේ තුන්වැනි සති අන්තයේ සියළුම තරගත් රග්බි විධායක කමිටුව විසින් කල් දැමීමට තීරණය කර ඇති බව දැණුම් දෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...