රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :
කලා ඔය ආශ්‍රිතව, පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ බස් රථයක සිරවී සිටි පිරිස බේරා ගැනීමෙ සදහා විශේෂ මෙහෙයුමක් මේ වනවිට ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
එහිදී එක් කාන්තාවක් සහ ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8දෙනෙකුබේරා ගැනීමට ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ විශේෂ පුහුණුව ලත් නිලධාරීන් මේ වන විට සමත් වී තිබෙන බව සඳහන් වේ.
මගීන් 70ක් සමඟ ආරක්‍ෂක අණ නොතකා ධාවනය කළ අදාළ බස් රථය කලා වැවේ පෙරළී ගොස් තිබුණි.ඉන් අනතුරුව එහි සිටි මගීන් ඒ ආසන්නයේ පිහිටි නිවසක වහලය මත නැඟ තිබූ බව වාර්තා විය.
එහිදී, එම පිරිස බේරා ගැනීම සඳහා ගුවන් හමුදාව විසින් එම් අයි 17 සහ බෙල් 212 හෙලිකොප්ටර් යානා දෙකක් යෙදවීමට සැලසුම් කළද පවතින තත්ත්වය හමුවේ එයද ව්‍යර්ථ වී තිබූ අතර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පැවසුවේ, පසුව එම මගීන් බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
පළමුව නාවික හමුදාවේ සහන කණ්ඩායමක් යොදවා ගලවා ගැනීමේ උත්සාහයක නිරත වුවද එය අසාර්ථක වී තිබුණද ,ඒ, පවතින අයහපත් කාලගුණය සහ සැඩ පහර නිසාවෙන් බව වාර්තා විය.
.
කෙසේවෙතත් පසුව නාවික හමුදාවේ ක්‍රියාකාරි යාත්‍රා බලගනය, ශ්‍රී ලංකා නාවික කිමිදුම් අංශය, විශේෂ යාත්‍රා බලගනය ආදීයෙන් සැදුම් ලත් අතිරේක භට පිරිස් මෙම මුදවා ගැනීම් සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.


