කැළණි සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් ගංවතුර අවදානම – වහාම ඉවත්වන ලෙස යළි දැනුම් දෙයි

කොළඹ LNW:කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් ගංවතුර අවදානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි.

ඒ අනුව එම පහත්බිම් වල තවදුරටත් රැඳී සිටින ජනතාව වහාම එම ස්ථානවලින් ඉවත්ව ආරක්‍ෂිත මධ්‍යස්ථාන කරා යොමුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.