ගුවනින් ආ ආධාර!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

අද අළුයම ආධාර රැගෙන ඉන්දීය ගුවන් යානයක් මෙරටට ළගා වී තිබෙන බව වාර්තා වේ, පීඩාවට පත් මෙරට ජනතාවට සහනයක් සැලසීම එහි අරමුණ බව ඔවුන් පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ටොන් 80ක් බරැති සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් එම පරිත්‍යාගයට ඇතුළත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම පරිත්‍යාගය බාර ගත් බවයි .

ඉන්දීය සහනාධාර රැගත් තවත් ගුවන් යානයක් අද පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිතයි.

මේ අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට මෙරට විපතට පත් ජනතාවට උපකාර කිරීමට විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා දායක වීමට කැමති විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන්ට එම මුදල් බැර කිරීම සඳහා විශේෂ බැංකු ගිණුම් අංක මෙලෙස නිකුත් කල බවයි.

විදේශ රටවල සිට ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් මෙම මුදල් පරිත්‍යාග කල හැකියි.

මේ අතර, ආපදාවලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පකිස්ථාන තරඟ සංචාරයේ ලැබෙන සියලුම මුදල් සහ තරග ගාස්තු පරිත්‍යාග කිරීමට ක්‍රිකට් ක්‍රීඩකයින් තීරණය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ලොව වාහන නිෂ්පාදනය හා අලෙවිය අනුව චීනය යළිත් පෙරමුණේ!

කොළඹ LNW:චීනයේ මෝටර් රථ කර්මාන්තයේ ආර්ථික දර්ශක 2025 වසරේදී...

වැසි තත්වයේ අඩුවීමක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 15) දිනයේ සිට දිවයිනේ...

හානිය 25000 වුණත් ලක්ෂ 5 දෙනවා. ඒක රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි සිදුවූ...