ඉන්ධන අර්බුදය හේතුවෙන් සුවසැරියත් නවතී

දිස්ත්‍රික් 14 ක සිය සේවා කටයුතු අත්හිටුවීමට සිදුව ඇති බව සුවසැරිය ගිලන් රථ සේවය නිවේදනය කරනවා. රටතුල පවතින ඉන්ධන හිගය හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බවයි අදාල නිවේදනයේ සඳහන්ව තිබෙන්නේ.

ඊයේ (10) පස්වරු 04 සිට මඩකලපුව, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, බදුල්ල, මොණරාගල, හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර, වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල සිය සේවා කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුව බව සුවසැරිය පවසනවා.

සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඉන්ධන ලබාදීමට කටයුතු කර තිබූ නමුත් පවතින දැඩි ඉන්ධන හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහාද ඉන්ධන නිකුත් කිරීමට නොහැකි වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...