නව ජනාධිපතිවරයා තෝරාගන්නා දිනය පක්ෂ නායකයින් තීන්දු කරයි

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (13) ඉල්ලා අස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් දින නියම කරගෙන තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයකු ඉල්ලා අස්වූ විට දින තුනක් තුළ පාර්ලිමේන්තුව කැඳවා එය දැනුම් දියයුතු හෙයින් 15 වන සිකුරාදා එසේ පාර්ලිමේන්තුව කැඳවා ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ බව දැනුම් දී නාමයෝජනා කැඳවීමට නියමිත ය.

18 වනදා නව ජනාධිපතිවරයා සඳහා නාමයෝජනා භාරගැනීමට නියමිත අතර ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පවත්වා නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමටයි පක්ෂ නායකයින් එකඟ වී ඇත්තේ.

ඊයේ (11) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී මෙම තීරණයට ඔවුන් එළඹ ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...