යුක්රේනයේ, ඉතියෝපියාවේ, මොසැම්බික්හි ළමුන් ඝාතන පිළිබඳ අවධානය; UN

Date:

2021 වසරේදී ගෝලීය ගැටුම් හේතුවෙන් යුක්රේනයේ, ඉතියෝපියාවේ, මොසැම්බික්හි ළමුන් 2,515 ක් මිය ගොස් 5,555 ක් ආබාධිත තත්වයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ (11) දින ප්‍රකාශයට පත් කර ඇති “ළමා සහ සන්නද්ධ ගැටුම්” වාර්තාවට අනුව පැහැදිලි වේ. මේ අනුව යමින් ඉදිරි කටයුතු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විමර්ශනය කරන බව එහි ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් විසින්නිවේදනය කර ඇත.

“ළමා සහ සන්නද්ධ ගැටුම්” වාර්තාවට අනුව 2021 දී ගෝලීය වශයෙන් ගැටුම් සඳහා ළමුන් 6,310 බඳවා ගැනීම සහ භාවිතය තහවුරු කර ඇත. මෙම වාර්තාවට අනුව අනෙකුත් උල්ලංඝනය කිරීම්වලට පැහැරගැනීම්, ලිංගික ප්‍රචණ්ඩත්වය, පාසල් සහ රෝහල් ප්‍රහාර සහ ගැටුම් වලදී ආධාර ප්‍රතික්ෂේප කිරීම ආදී කරුණුද වැඩි දුරටත් අන්තර්ගත වේ.

2021 වසරේදී දරුවන්ට එරෙහිව කරන ලද ප්‍රචණ්ඩත්වය පිළිබඳ වැඩිම තහවුරු කරන ලද සිදුවීම් වාර්තා වන්නේ යේමනය, සිරියාව, ඇෆ්ගනිස්ථානය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, සෝමාලියාව, ඊශ්‍රායලය සහ පලස්තීන ප්‍රදේශ වලිනි. ඇන්ටෝනියෝ ගුටරෙස් මේ පිළිබඳ සාකච්ඡා කරමින් ප්‍රකාශ කරනු ලැබුවේ ලබන වසර වන විට යුක්රේනය, ඉතියෝපියාව සහ මොසැම්බික් යන රාජ්‍යන්ද මෙම ලැයිස්තුවට එකතු වනු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියාගේ ළමා හා සන්නද්ධ ගැටුම් සඳහා වූ විශේෂ නියෝජිත වර්ජිනියා ගැම්බා ප්‍රකාශ කර ඇත්තේ යුක්රේන ගැටුම හේතුවෙන් ළමුන් ඝාතනය කිරීම සහ ආබාධිත කිරීම සහ පාසල්වලට සහ රෝහල්වලට පහරදීම බරපතල තත්වයන් බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී Michelle Bachelet පසුගිය සතියේ ප්‍රකාශ කර තිබු‌ණේ ළමුන් 335ක් සහිතව යුක්රේනයේ සිවිල් වැසියන් 4,889 ක් පමණ මරා දමා ඇති බවයි.

මෙම වාර්තාව පිළිබඳ රාජ්‍ය තාත්ත්‍රිකයන් පවසන්නේ සෞදි අරාබිය සහ ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ අසාදු ලේඛනයෙන් ඉවත්ව සිටීම සඳහා මෑත වසරවලදී බලපෑම් කළ බවයි. ඊශ්‍රායල ආරක්ෂක හමුදා පලස්තීන ළමුන් 78 දෙනෙකු ඝාතනය කර, තවත් 982 දෙනෙකු ආබාධිත කර, 2021 දී 637 දෙනෙකු රඳවා තබා ගත් අතර, යේමනයේ සෞදි ප්‍රමුඛ සන්ධානය පසුගිය වසරේ ළමුන් 100 දෙනෙකු මරා දමා ආබාධිත කර ඇත. මේ කිසිවක් වාර්තාවේ නොමැති වීම මතභේදාත්මක බව පවසයි.

සශිකලා මධුෂාණී_OBT
https://youtu.be/qFzskZo2pGE

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...