රටම පිළිගන්න කෙනෙක් ජනාධිපති උනොත් සහාය දෙන්න අපි සූදානම් – විමල්

Date:

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස කවුරුන් පත් වුවද ඔහු පිළිගැනීමට ජනතාව සූදානම් වන්නේ නම් කිසිදු ගැටලුවකින් තොරව නව ජනාධිපතිවරයාට සහාය ලබාදීමට සිය කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තුව හරහා සිදුවිය යුතු බවත්, මේ වනවිටත් ඒ සඳහා අපේක්ෂකයන් තුන් දෙනෙකු ඉදිරිපත් වීමේ සූදානමක් ඇතැයි වාර්තා වන බවත් වීරවංශ මහතා සඳහන් කරනවා. ඔවුන් තිදෙනාගෙන් කවුරුන් ජනාධිපති වුවද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහාය ලබා ගැනීමට සිදුවන බවද මන්ත්‍රීවරයා පවසයි.

රටම ගිනිගෙන ඇති අවස්ථාවක සියලුදෙනාම එක්විය යුත්තේ කෙසේ හෝ ගින්න නිවා දැමීම සඳහා මිස ගිනි තැබූයේ කවුද, ගිනි තැබූයේ කුමන හේතුවක් මතද යන්න සොයා බැලීම නොවන බව විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරනවා. එසේ වුවහොත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වී රට තව තවත් අගාධයට යනු ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...