මම තමයි හොඳටම කරන්නේ! උද්ධමනය පාලනය කිරීමේ නවතම ක්‍රමය මහ බැංකු අධිපති ගෙන්!

Date:

2022 ජූලි 8 වැනි දා අවසන් වූ සතිය තුළදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් මුද්‍රණය කොට ඇති නව මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 123කි.

ඒ අනුව, නන්දලාල් විසින් ඔහුගේ දින 94 ක නිල කාලය තුලදී දැනටමත් මුද්‍රණය කොට ඇති මුදල් ප්‍රමාණය සිතන්නටත් බැරි තරම් විශාල රු.බි. 504 කි.

මෙහිදී, භයානක කරුණ වන්නෙ එම “මුදල් අච්චු ගැසීම” ව්‍යාපෘතිය නුදුරු අනාගතයේ දී නිම වෙන කිසිම ඉඟියක් වත් නොමැති වීමය.

අධිපති නන්දලාල් ගේ මෙම “මුදල් අච්චු ගැසීම” දිනකට රුපියල් බිලියන 5.36ක් වන අතර, ඔහුට පෙර සිටි අධිපතිවරුන් ගේ නිල කාලවල දී මුද්‍රණය කරන ලද මුදල් මෙන් 2.5 ගුණයකි!

සමහරවිට, අද රටේ පවතින 80% ක පමණ උද්ධමනය පාලනය කිරීමේ නව ක්‍රමය මෙය වන්නට පුළුවනි!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...