රනිල් වැඩබලන ජනාධිපති වෙලත් ඉවරයිද ?

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කරනවා.

මීට ටික වේලාවකට පෙර, බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටත්, රටපුරා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමටත් අදාලව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

අදාල නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටත් රටපුරා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමටත් වැඩබලන ජනාධිපිතවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇති බවයි.

කෙසේ නමුත් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ඇති බවට කිසිදු නිළ නිවේදනයක් නිකුත් කර නොමැත. එසේම ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් වන බවද මේ දක්වා නිළ වශයෙන් නිවේදනය කර නොමැත.

එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස නියෝග නිකුත් කරන්නේ කෙසේද ?

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...