ගෝඨාභය නිසා මාලදිවයින් ජනාධිපතිටත් ගෙදර යන්න වෙයිද – මාලේ ජනාධිපති මන්දිරය අසල විරෝධතා

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය බිරිඳ සහ ආරක්ෂකයන් පිරිසක්ද සමග මාලදිවයින වෙත පළාගිය අතර එරට ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ රැකවරණය යටතේ ඔහු මේ වනවිට රැඳී සිටී.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම රටින් පිටුවහල් කරන ලෙස මාලදිවයින් ජනාධිපතිවරයාට බලකරමින් ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතා පැවැත්වෙන බවද වාර්තා වේ. එරට සිටින ශ්‍රීලාංකිකයන් ඇතුළු විදේශිකයන් පිරිසක් හා මාලදිවයින් ජාතිකයන් පිරිසක්ද මෙම විරෝධතා සඳහා සහභාගි වී සිටී.

මාලදිවයින් බළධාරීන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සංක්‍රමණික පුද්ගලයෙකු ලෙස පමණක් රටට ඇතුළු වී ඇති බවයි. ඔහු අද දිනයේදී වෙනත් රටකට ගමන් කරනු ඇති බවද මාලේ බළධාරීන් පවසනවා.

රාජපක්ෂ මහතා අද දිනය තුළදීම අබුඩාබි දක්වා පියාසර කිරීමට සූදානම්ව සිටී. සිංගප්පූරුව හරහා ඔහු අබුඩාබි වෙත ගමන් කරන බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...