ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින ආණ්ඩුවිරෝධී අරගලය කොළඹ අවට සැරිසරන සමාජ විරෝධීන්, ජිහාඩ් අනුගාමිකයන්, නැක්සලිස්ට්වාදීන් සහ ලුම්පන් පන්තිකයන් මූලිකව සංවිධානය කළ නොහික්මුණු ක්‍රියාවක් බව ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ මුල්පෙළ නායකයෙකු වන සුබුමනියන් ස්වාමි පවසා තිබෙනවා.
ඉන්දියාවට ආසන්න රටක සිදුවන මෙවැනි නොහික්මුණු ක්‍රියාවන් ඉන්දියාවට දැඩි තර්ජනයක් බවත් එනිසා ශ්‍රී ලංකා තුළ සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් ඉන්දීය රජය නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවත් සුබ්‍රමනියන් ස්වාමි වැඩිදුරටත් අවධාරණය කරයි.
පසුගිය 09 වැනිදා සිදු වූ සිදුවීම්වලින් පසුව ඔහු ප්‍රකාශ කර තිබුණේ රාජපක්ෂ පවුලේ සහාය සඳහා ඉන්දීය හමුදා කණ්ඩායමක් ශ්‍රී ලංකාව වෙත එවිය යුතු බවයි. රටේ බහුතර ඡන්දයෙන් බලයට පත් වූ පාලකයන් මෙවැනි නොහික්මුණු කණ්ඩායම්වල අවශ්‍යතා අනුව බලයෙන් පහකළ නොහැකි බවයි ඔහු සඳහන් කර තිබුණේ.
UN