සාමකාමී බල හුවමාරුවකට සහයෝගය ලබාදෙන්න – ජගත් මානව හිමිකම් කොමිසම ඉල්ලයි

Date:

ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමී ලෙස බලය හුවමාරු කර ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ සහ අරගලයට සම්බන්ධ කණ්ඩායම් එකතු වියයුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටිනවා. ඒ සඳහා, නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සියලු පාර්ශ්ව සම්බන්ධ වූ පුළුල් ක්‍රියාවලියක් අවශ්‍ය බවද එම කාර්යාලය අවධාරණය කරයි.

දේශපාලනඥයන්, අරගලයට සම්බන්ධ කණ්ඩායම්, ආරක්ෂක අංශ ඇතුළු සියලුදෙනා මානව අයිතිවාසිකම්වලට ගරු කළයුතු බව අවධාරණය කරන ජගත් මානව හිමිකම් කොමිසම සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

සියලු නායකයන්ගේ ජීවත්වීමේ අයිතියට සියලුදෙනා ගරු කළයුතු බවත්, ජනතාව සතු දේපළ ආරක්ෂා කර ගැනීම සියලුදෙනාගේ වගකීමක් බවත් ජගත් මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ප්‍රශ්නය විසදන්න අලි වැටත් එක්කම අලි කොරිඩෝවක්!

කොළඹ LNW:අලි ගම්වැදීම වැලැක්වීම වෙනුවෙන් මාදුරු ඔය වන උද්‍යානයේ...

වහාම ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : වහාම ක්‍රියාත්මක වන...

මාස පහයි පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:වසරේ ගෙවුණු මාස 05ක කාලය තුළ අල්ලස් හෝ...