ජාත්‍යන්තර වරෙන්තුවක් මත ගෝඨාභය අත්අඩංගුවට ගත යුතුයි – ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක්

Date:

එල්ල වූ ප්‍රබල ජනතා විරෝධය හමුවේ රටින් පැනගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගතයුතු බව බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි පවසනවා.

ඔහු ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත යෝජනා කළේ ජාත්‍යන්තර වරෙන්තුවක් මත හෝ ඔහු අත්අඩංගුවට ගතයුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ගත් වැරදි ආර්ථික ප්‍රතිපත්ති, බදු කප්පාදු, අධික ආරක්ෂක වියදම්, දූෂණ-වංචා, වර්තමානයේදී ඇතිව තිබෙන බිහිසුනු ව්‍යසනකාරී තත්වයට සෘජුව හේතු වූ බව පෙන්වා දෙන ලිබරල් ඩිමොක්‍රටික් නායකයා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට සෘජුව වගකිව යුතු බවයි. ඔහු පමණක් නොව ඔහුගේ හිතවතුන් ඇතුළු අර්බුදයට වගකිව යුතු සියලුදෙනා අත්අඩංගුවට ගතයුතු බවද එඩ් ඩේවි සඳහන් කරයි.

ජාත්‍යන්තර වරෙන්තුවක් හරහා රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා බ්‍රිතාන්‍යය මැදිහත් වියයුතු බවත්, ඉන් නොනැවතී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහාය වීම සඳහා පූර්ණ ආර්ථික හා දේශපාලන විසඳුමක් වෙනුවෙන් බ්‍රිතාන්‍යය පෙනී සිටිය යුතු බවද ඔහු අවධාරණය කරනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහන පැකේජයක් ලබා ගැනීම සඳහා මැදිහත්වීම ඇතුළු ශ්‍රී ලාංකික ජනතාවට යළි නැගී සිටීමට අවශ්‍ය සියලු සහයෝගය ලබාදිය යුතු බවද ලිබරල් ඩිමොක්‍රටික් නායකයා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...