ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරවලින් ඉල්ලා අස්වන්නැයි බල කරමින් අඛණ්ඩ හර්තාල් වයාපාරයක් හා වැඩවර්ජනයක් සිදු කිරීමට සිදුවන බව වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
එවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගතහොත් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සියලු කටයුතු අඩාල විය හැකි බවයි වෘත්තීය සමිති පවසන්නේ.
වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය. අඛණ්ඩ වැඩවර්ජනයේ පළමු පියවර ලෙස හෙට සිට වැඩබිම් මට්ටමින් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ඔවුන් පෙන්වා දෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රටපුරා දැවැන්ත විරෝධතා දියත් වන නමුත් තවමත් ඔවුන් දෙදෙනා සිය තනතුරු බලහත්කාරී ලෙස දරමින් සිටින බව පෙන්වා දෙන වෘත්තීය සමිති පවසන්නේ වැඩවර්ජන, හර්තාල් ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග හරහා ගෝඨාභය – රනිල් දෙදෙනාට තවදුරටත් බලපෑම් සිදු කරන බවයි.
UN