ගිනිඅවි පැහැර ගැනීම පිළිබඳ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට

Date:

ඊයේ, පාර්ලිමේන්තු සංකීර්ණය අසල පොල්දූව මංසන්ධියේ පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර, යුද හමුදා සෙබළෙකුගේ ගිනිඅවිය හා උණ්ඩ පැහැරගැනීමේ සිදුවීමට අදාල විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දී තිබෙනවා.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය වෙත විමර්ශන යොමුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ.

උද්ඝෝෂණ අතරතුර යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක් වූ අතර බරපතල තුවාල ලැබූ එක් හමුදා සෙබළෙක් මේ වනවිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. පැහැරගෙන තිබෙන්නේ මෙම යුද හමුදා සෙබළා සතු ගිනිඅවිය හා උණ්ඩ හැටක් ඇතුළත් මැගසින් දෙකකි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් පිරිසක් අදාල හමුදා සෙබළාගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...