ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් වෙත යන්න එපා – NBRO ජනතාවගෙන් ඉල්ලයි

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ආරක්ෂාව තහවුරු කරන තෙක් නැවත නිවෙස්වලට නොයන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආපදාවට පත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් විසින අදාළ ස්ථාන පරීක්ෂා කර නිගමන ලබා දෙන තුරු නිවෙස්වලට නොඑන ලෙසයි එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කරන්නේ.

අදාළ නිලධාරීන් පැමිණ නිශ්චිතව සිදු කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව දැනුවත් කර නිවාසවලට යා හැකි බව තහවුරු කරන තෙක් අනාරක්ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙස ඔහු උපදෙස් දෙයි.

තවදුරටත් දිස්ත්‍රික් 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 70කට නිවේදනය කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන සහ ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති අතර වර්ෂාව අධිකව ලැබුණු සෑම ස්ථානයක්ම ජලයෙන් සංතෘප්ත වී ඇති හෙයින් ඉදිරි දින කිහිපයේ දී වුවද නායයෑමක්, ගල් පෙරළීමක්, කන්ඩි කඩා වැටීමේ හැකියාවක් පවතින බව සේනාධීර මහතා පෙන්වා දෙයි.

ඒ අනුව තවදුරටත් ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුවන අතර ගංවතුර අවදානමද සම්පූර්ණයෙන් බැහැර වී නොමැත.

සේනාධීර මහතා තවදුරටත් පවසන්නේ පොළොවෙන් නුහුරු ශබ්ද සහ ජල උල්පත් ඇතිවීම නැතිවීම යන ලක්ෂණ දුටුවහොත් එම ස්ථානයන්ගෙන් වහාම ඉවත් විය යුතු බවයි.

මේ අතර අම්පාර,අනුරාධපුරය,පොළොන්නරුව,පුත්තලම,ගම්පහ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල මාර්ග රැසක් තවදුරටත් ජලයෙන් යටවී පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : ශ්‍රී ලංකා ගුවන්...

ආපදා මරණ 355ක් දක්වා වැඩි වෙයි. තවත් 366ක් අතුරුදහන්!

කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා...

ආපදා තත්ත්වය ගැන නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ...

තෙල් සහ ගෑස් ගැන ඉන්නේ බයෙන්ද? මෙන්න සැබෑ තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ තෙල් හෝ ගෑස් හිඟයක් ඇති...