හලාවත රෝහල තාවකාලිකව වසා දමයි

Date:

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් හලාවත මහ රෝහල නැවත දැනුම් දෙන තුරු එහි කටයුතු නවතා දැමීමට පියවර ගෙන තිබේ.

රෝහල මේ වන විටත් අඩි පහකට වඩා ජලයෙන් පිරී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටි අසාධ්‍ය රෝගීන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් කොළඹ හා පුත්තලම රෝහල් වෙත පිටත් කර යවා තිබෙන අතර අනෙක් රෝගීන් ගංවතුර මට්ටම් යම් තරමින් පහව යාමත් සමග නාවික හමුදාව හා යුධ හමුදාව මැදිහත්ව වාරියපොල හා කුරුණෑගල රෝහල් වෙත යැවීමටද කටයුතු කර ඇත.

එමෙන්ම ජලයෙන් යටවීමත් සමග රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රයට පවා හානි සිදුව ඇති රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.

රෝහල නැවත යථාතත්ත්වයට පත් කිරීමෙන් අනතුරු යළි එහි කටයුතු සුපුරුදු පරිදි සිදුකෙරෙනු ඇති.

එම දැනුම් දීම සිදුකරන තෙක් ප්‍රතිකාර කටයුතු සහ සයන සඳහා රෝහල වෙත පැමිණීමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...