බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව( දෙසැම්බර් 01 දින රාත්‍රිය වන විට)

Date:

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 84

🛑තුවාලකරුවන් සංඛ්‍යාව 22

🛑අතුරුදහන් වූවන් සංඛ්‍යාව 28

🛑සුරක්ෂා මධ්‍යස්ථාන ගණන 178

🛑සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින පවුල් සංඛ්‍යාව 6246

🛑සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් සංඛ්‍යාව 21002

🛑ඥාති නිවාස වල සිටින පවුල් සංඛ්‍යාව 2649

🛑 ප්‍රගතිය

✅ මේ වන විට සොයා ගත් මෘත දේහ 84න් 82 ක, මරණ පරීක්ෂණ අවසන් කොට ඇත.

✅ ඉන්දියානු යුද හමුදාවේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරයි.

🛑 ජල සැපයුම

✅ අඩාල වී තිබූ බදුල්ල නගරයේ ජල සැපයුම 100% ක් ද වැලිමඩ 100% ද ඇටම්පිටිය 100% ක්ද සම්පූර්ණ කොට ඇත.

✅ මහියංගනයේ ජල බවුසර් මගින් අවශ්‍ය ජලය සපයනු ලැබේ.

✅ මහියංගනයේ ජල සැපයුමට අදාළ ලීටර් 1000 ජල ටැංකි 65 ක් හෙට දින (02) මිලදී ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.

🛑 විදුලි සැපයුම

✅ මුළු විදුලි පාරිභෝගිකයන්ගෙන් 126,000 කට, එනම් 45% කට විදුලි සැපයුම අහිමි විය.

✅ මේ වන විට විදුලිය සැපයුම නැවත ලබා දිම අඛණ්ඩව සිදු කරයි.

✅ හෙට (02) තවත් 25000 කටත්, අනිද්දා තවත් 30000 කටත් විදුලිය නැවත ලබා දෙනු ලැබේ.

🛑 සෞඛ්‍ය පහසුකම්

✅ විශාල ලෙස හානියට පත් මහියංගණයේ මූලික රෝහලේ කටයුතු යුද හමුදාවේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මේ වන විට ප්‍රතිකාර ලබා දීම ආරම්භ කොට ඇත.

✅ අද වන විට සායනික රෝගීන්ගේ ප්‍රතිකාරත්, OPD කටයුතුත්, Dialysis කිරීමත්, ආරම්භ කොට ඇත.

✅ ස්ප්‍රින්වැලි රෝහලේ කටයුතු අභයපුර ප්‍රජා ශාලාව තුළ සිදු කිරීමටත්, ජංගම සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන යාමටත් කටයුතු කොට ඇත.

✅ මාර්ග අවහිරතා නිසා අඩාල වූ රිල්පොල සහ සිල්මියාපුර රෝහල්වල කටයුතු නැවත ආරම්භ කොට ඇත.

✅ ජල සැපයුමේ ගැටලුවක් නිසා අඩාල වූ හෙබරව රෝහලේ කටයුතු යුධ හමුදා කණ්ඩායමේ සහය ඇතිව 03 වනදා වන විට ආරම්භ කල හැක.

🛑 කඳවුරු ආරක්ෂාව

✅ සුරක්ෂා මධ්‍යස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව අඛන්ඩව සපයන ලෙස නියෝජ්‍ය පොලිස්පතිට උපදෙස් දෙන ලදී.

මාර්ග
✅ අද බදුල්ල පස්සර මාර්ගය විවෘත කරන ලදී.

✅ බදුල්ල මහියංගන මාර්ගය පොදු ප්‍රවාහනයට හෙට (02) විවෘත කෙරේ.

✅ ස්ප්‍රිංවැලි මාර්ගයත්, වැලිමඩ ඇටම්පිටිය මාර්ගයත්, ඇටම්පිටිය බණ්ඩාරවෙල මාර්ගයත්, දින දෙකක් තුළ විවෘත කළ හැක.

✅ විනාශ වූ පළාත් මාර්ග 165න් මේ වන විට අලුත්වැඩියා කිරීමට ඇත්තේ තව මාර්ග 54 ක් පමණි.

✅ කහටරුප්ප මාර්ගය සහ කන්දෙ ගෙදර මාර්ගය අලුත්වැඩියා කටයුතු අවසන් කෙරේ.

✅ පළාත් පාලන මාර්ගවල ප්‍රගතියක් හෙට (02) දින නිවැරදිව ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දෙන ලදී

සන්නිවේදන

✅ අලාභ වූ කුළුණු වලින් 25 ක් මේ වන විටත් යථාවත් කොට ඇති අතර ඉතිරි 40 මාර්ග අලුත්වැඩියාවත් සමග යථාවත් කරනු ලැබේ.

🛑 2025.12.02 දින යුද හමුදා බටපිරිස් යෙදවීම

✅ ඌවපරණගම ජල සම්පාදන කටයුතු 15

✅ කළුගහකඳුර 15

✅ පොල්ගහරාව 15

✅ කුමාරසිංහ මාවත 10

✅ මැදිරිය ජලසම්පාදන 10

✅ මහියංගණ ජල සම්පාදන කටයුතු 30

✅ මහියංගන රෝහල 25

✅ කහටරුප්ප 10

✅ කන්දෙගෙදර 10

✅ බණ්ඩාරවෙල 20

✅ හපුතලේ 20

✅ ගලඋඩ/වාසනාගම 20

✅ පස්සර 150

🛑 2025.12.02 දින සහන සේවා බලකාය යෙදවීම.

✅ බදුල්ල න.ස. 100

✅ බදුල්ල ප්‍රා.ස. 50

✅ ලුණුගල 75

✅ පස්සර 75

✅ සොරණාතොට 25

✅ මීගහකිවුල 25

✅ ඌව පරණගම 50

✅ හාලිඇල 50

✅ මහියංගන 100

🛑 සහන සේවා සපයන පුද්ගලයින් සහ කණ්ඩායම්වල ලේඛනයක් පවත්වාගෙන යන ලෙසත්,

🛑 හානි වූ රාජ්‍ය දේපළ පිළිබඳ ලේඛනයක් සකස් කරන ලෙසත්,

🛑 ආධාර ලැබීම් හා නිකුත් කිරීම් පිළිබඳ ව දෛනිකව විධිමත් වාර්තාවක් සකස් කරන ලෙසත්,

🛑 පාසල් ළමුන්ගේ නිල ඇදුම්, පොත්පත්, ලිපි ද්‍රව්‍ය ආදී දේවල් වලට සිදුවූ අලාභ හානි පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙසත්, අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

🛑 පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම හා කෘෂිකර්ම කටයුතු ආරම්භ කිරීම පිලිබද ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අධ්‍යනයක් කරන ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දෙන ලදී

🛑ආගමික කටයුතු

✅ මෙම විපතින් මියගිය සහ අතුරුදන් වූ පිරිස සඳහා පින් පැමිණවීමටත්, ප්‍රදේශයටත් රටටත් සෙත් පැතීම සඳහා 2025.12.04 වන දින බදුල්ල කේන්ද්‍ර කොට ගනිමින් සර්වාගමික කටයුතු සිදුකිරීමට සූදානම් කොට ඇත.

🛑 බදුල්ල දිස්ත්‍රික්කය තුළ මෙම විපතට ලක් වූ රාජ්‍ය සේවකයන් 384 ක් සිටින බවට අද වන විට වාර්තා වී ඇත. රජයේ ආපදා ණය ඉල්ලුම් කොට ඇති රාජ්‍ය සේවකයන්ගෙන්, මෙම ආපදාවන්ට ලක්වූ අය සඳහා ප්‍රමුඛතා පදනම මත ආපදා ණය නිකුත් කරන ලෙස උපදෙස් දෙන ලදි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ ව්‍යසනය ආර්ථිකයට දාරගන්න බෑ. ආධාර අත්‍යවශ්‍යයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ව්‍යසනකාරී තත්ත්වය රටේ...

හිටපු අමාත්‍ය සී. බී. අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : හිටපු අමාත්‍ය සී....

ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන...

LPL දිග ඇරෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: හයවන ලංකා ප්‍රිමියර් ලීග්...