බංගලාදේශයෙන් ආ ආධාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW :

අද දින(03) පස්වරුවේ බංගලදේශයේ සිට පළමු වරට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් යානය තුළ කිලෝ ග්‍රෑම් 9,227 ක් බරැති ඖෂධ, වියළි ආහාර, මදුරු දැල්, විපතට පත් වූවන් ගලවා ගැනීමේ උපකරණ තිබෙන බව වාර්තා වේ.

බංගලදේශ ගුවන් හමුදාවට අයත් C-130 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වූ මෙය අද දින(03) පස්වරු 01.00 ට බංගලදේශයේ ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බංගලදේශ මහකොමසාරිස් අන්දිලිප් ඉලියාස් මහතා එම තානාපති කාර්යාලයේ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...