බිඳී ගිය රට නැවත හුස්ම ගනී: ප්‍රතිසංස්කරණය ජාතික අභියෝගයක් බවට

Date:

උස් පහත් භේදයකින් තොරව කුඩා වැඩිහිටි සියල්ලන්ටම සෑම දේම පාහේ අහිමි කළ දිවයින පුරා හමා ගිය විනාශකාරී සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීමට පටන් ගන්නා විට ජාතික නායකයින් ඉල්ලා සිටින්නේ පුණ්‍ය කටයුතුවල නියැලීමම නොව විශ්වාසනීයත්වය සහ විශ්වාසය තුළ මුල් බැසගත් නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියක් සඳහා මෙය අවස්ථාවක් කර ගන්නා ලෙසටයි.

මෙම සුළි කුණාටුව රට තුළ දැඩි හානි සහ පුළුල් ලෙස අවතැන් වීම් ඇති කළ ද එය ශ්‍රී ලාංකික ජනතාවගේ පරාජය නොව ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ සහයෝගීතාවය නැවත වරක් හෙළි කර තිබේ. ප්‍රජාවන් ක්ෂණිකව බලමුලු ගැන්වූ අතර පළමු ප්‍රතිචාර දැක්වූවන් කිසිඳු පැකිලිමක් නැතිව ස්වේච්ඡා සේවකයන් සහ අසල්වැසි රටවලින් ලැබුණු කඩිනම් ආධාර මගින් සහාය විය.

එපමණක් නොව කුණාටුව පහව ගිය විට පවා අති විශාල සහයෝගයක් ලබා දෙමින් නැව්, ගුවන් යානා සහ සහන කණ්ඩායම් පැය කිහිපයක් ඇතුළත පැමිණියහ.
තවද යාබද රටවල්ද ශ්‍රී ලංකාවට දැඩි සහයෝගයක් ලබා දුන් අතර අනතුරුදායක මොහොතකදී පවා ඔවුන්ගේ නෞකා, ගුවන් යානා සහ සහන කණ්ඩායම් රටට ළඟා වීම නිසැකවම සත්‍ය මිතුරන් කවුදැයි තහවුරු කළ අවස්ථාවක් විය.

රාජ්‍ය ප්‍රකාශකයන් පවසා සිටියේ 2004 සුනාමි අපදා කළමනාකරණයේ අඩුපාඩු වලින් ඉගෙන ගත් පාඩම් සහ ව්‍යසනයේ බරපතලකම තේරුම් ගෙන එවැනි අඩුපාඩු නැවත සිදු නොවිය යුතු බව ඔවුහු අවධාරණය කළහ.

ප්‍රකාශයට අනුව වත්මන් යථා තත්ත්වයට පත්වීමේ අදියරයන් භෞතික යටිතල පහසුකම් පමණක් නොව මහජන විශ්වාසය සහ ආයතනික අඛණ්ඩතාව නැවත ගොඩනැගීමට නැවත අවස්ථාවක් ලබා දෙයි.

ඒ අනුව මේ වන විට ලබාගන්නා සියලුම ආධාර එනම් මුදල්, උපකරණ, තාක්ෂණික සහයෝගය ඉහළම මට්ටමේ විනිවිදභාවයක් සහ කාර්යක්ෂමතාය මත පදනම්ව කළමනාකරණය කිරීමට රජය කැපවිය යුතු බව බලධාරීන් තවදුරටත් අවධාරණය කළහ.

ආධාර නිරීක්ෂණය කිරීම, විගණනය කිරීම සහ නිලධාරිවාදී ප්‍රමාදයන් හෝ වැරදි කළමනාකරණයකින් තොරව බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට යොමු කරන බවට ඔවුහු පොරොන්දු වූහ. මෙම කැපවීම වින්දිතයින්ට සහාය වීමට පමණක් නොව ශ්‍රී ලංකාවේ ආයතනික පරිණතභාවය පිළිබඳ ජාත්‍යන්තර හවුල්කරුවන්ට සහතික කිරීමට අත්‍යවශ්‍ය බව ඔවුහු තර්ක කළහ.

සහන කටයුතු ඵලදායී ලෙස සම්බන්ධීකරණය කිරීමෙන් දිගුකාලීන ආර්ථික පුනර්ජීවනය සඳහා අඩිතාලම දැමිය හැකි බව නිලධාරීන් ද අවධාරණය කළහ. ආධාර කළමනාකරණය කිරීමේදී යහපත් පාලනයක් පෙන්නුම් කිරීමෙන් ශ්‍රී ලංකාවට කලාපීය සහයෝගීතාව, ආයෝජන සහ තාක්ෂණ හුවමාරුව සඳහා නව මංපෙත් විවර කළ හැකිය.

පණිවිඩයෙන් අවධාරණය කෙරෙන්නේ නැවත රට ගොඩනැගීමේ ක්‍රියාවලිය පුළුල් ජාතික ප්‍රතිසංස්කරණ උත්සාහයක් බවට පරිණාමය විය යුතුය යන්නයි.මන්ද
එය රටේ පද්ධති ශක්තිමත් කරමින්, විශ්වාසය යළි පිහිටුවමින්, ශ්‍රී ලංකාවේ ගෝලීය ප්‍රතිරූපය නැවත නිර්මාණය කරන දියුණුවකට මඟ පෑමකි.

“ලැබෙන දේ නිසා නොව එය උපයන විශ්වාසය නිසා උසස් ජාතියක් ලෙස නැවත ගොඩනැගීමට මෙය අවස්ථාවක්” යනුවෙන් ප්‍රකාශයේ සඳහන් විය. “අපි එකමුතුකම, විනය සහ නොසැලෙන විනිවිදභාවයෙන් ඉදිරියට ගියහොත් ශක්තිමත්, වඩා ඔරොත්තු දෙන ශ්‍රී ලංකාවක් කරා ළඟා විය හැකිය. අපේ රට බලයෙන් නොව විශ්වාසය පදනම්ව ගොඩනඟමු” බව ප්‍රකාශයේ අවසානයේ සටහන් වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...