ඩේසි ආච්චිට මානසික වෛද්‍ය පරීක්ෂණයක්!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැලැක්විමේ පනත යටතේ අධි චෝදනා ගොණුකර ඇති ඩේසි ෆොරස්ට් නඩු විභාගයට පෙනී සිටීමට සුදුසු මානසිකත්වයක් පවතින්නේද යන්න පරික්ෂා කිරීම සදහා ඇයව කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරියා හමුවට පමුණුවා ඇතැයි වාර්තා වෙයි.

ඇයට සහ යෝෂිත රාජපක්ෂ යන අයට එරෙහිවයි කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව විභාග වන්නේ.

ඒ අනුව යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නඩුවකට පෙනී සිටිමට සුදුසු මානසික තත්ත්වයක පසුවනවා දැයි අද (11) දින කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරියා මාර්ගයෙන් පරීක්ෂා කිරීමට නියමිත බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට ඊයේ (10) දැනුම් දී තිබුණි.

එම දැනුම් දීම අනුව අදාළ වෛද්‍ය පරීක්ෂණය සඳහා ඇයව යොමුකර තිබේ.

විත්තිකාරියට නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික මට්ටමක් නොමැති බවට ඇයගේ නීතිඥවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුවයි අද (11) දිනයේ දී වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියම කෙරුණු අතර යළි නඩුව ලබන පෙබරවාරි 9 වනදා කැඳවීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...