ආපදාවෙන් පස්සේ ආපු ආපදාව!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW :

පසුගිය දා ගංවතුරට හසුවූ කොළඹ තදාසන්න ප්‍රදේශවල එක්රැස්වී ඇති කසළ දින 10ක් පමණ කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට අපේක්ෂා කරන බවත්, කොළෙන්නාව ප්‍රදේශයේ පමණක් ටොන් 8,000ක පමණ මිශ්‍ර කසළ එක්රැස්වී ඇති බවය. ඒවා දින 2කින් පමණ ඉවත්කිරීමට හැකිවනු ඇති බවත්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තිලක් හේවාවසම් මහතා කියා සිටී.

තවද , කොටිකාවත්ත, මුල්ලේරියාව වැනි ප්‍රදේශවල ටොන් 10,000ක, 12,000ක පමණ කසළ එක්රැස්වී ඇති බවත් ඔහු කියා සිටී.

“මේ වනවිට බස්නාහිර පළාත් අධිකාරිය විසින් දිනකට ලොරි 100ක් විතර යොදවලා ඉතාමත් සාර්ථක මෙහෙයුමක් කරනවා.  මං හිතන්නේ ඔවුන් දින 10ක් විතර කාලයේදී මේ සියල්ලම ඉවරකරයි. නමුත් මේ කසළ ජනනය වන එක නිතරම සිද්ධ වෙනවා. මොකද තවමත් සමහර ගෙවල්, ව්‍යාපාරික ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. මේක ආපදාවෙන් පස්සේ ආපු ආපදාවක්” යැයි පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...