පාසැල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් …

ජුලි 25 වනදා සිට පාසැල් අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරුණ ද පාසැල් පැවැත්වෙන්නේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින තුනෙහි පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසැල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා යන දින දෙකෙකි නිවෙස් පාදක ඉගෙනුම් ක්‍රියාවලි සඳහා හෝ මාර්ගගත අධ්‍යාපනය සඳහා සිසුන් යොමුකළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම ඉහත කී පරිදි පාසැල් පැවැත්වෙන දින තුනේදී සියලුම විෂයයන් ඉගැන්වෙන පරිදි විශේෂ කාලසටහනක් ද සකස් කළයුතු බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩලය නියමිත වේලාවට පාසැල් පැමිණීම අනිවාර්යය වුවත් සාධාරණ හේතූන් මත සිදුවන නොපැමිණීම් සහ ප්‍රමාදයන් සම්බන්ධයෙන් ඔවුන් අපහසුතාවට පත් නොවන පරිදි කටයුතු කළයුතු බවත් ඇතැම් සිසු සිසුවියන්ගේ පාසල් නිල ඇඳුම් සහ පාවහන්වල අඩුපාඩු හෝ ගැටළු හේතුවෙන් ඔවුන්ගේ පාසල් පැමිණීම අධෛර්යයමත් නොකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...