රනිල්ගේ 134 බැසිල් හැදූ හැටි ….

Date:

ජනාධිපති ධුරය සඳහා පවතින ඡන්ද විමසීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනු ඇති බවට ඊයේ (19) දිනයේ සිට විවිධ මත පළ වුවත් මෙතරම් විශාල ඡන්ද සංඛ්‍යාවකින් ඒ මහතා ජයග්‍රහණය කරනු ඇතැයි කිසිවකු නොසිතූ තරම් ය. ඊයේ රාත්‍රිය වනවිටත් ආරංචි පැතිර තිබුණේ ඒ මහතා ඡන්ද 120ක් වැනි ප්‍රමාණයක් ලබාගනු ඇති බවට ය. එහෙත් ඡන්ද 134ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඒ මහතා අවසානයේ සමත් විය.

ඒ ඡන්ද 134 ලැබුණු ආකාරය පිළිබඳ සටහනක් අප වෙත ලැබී තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් – 101
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් – 7
සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් – 8
ඊපීඩීපී මන්ත්‍රීවරුන් – 2
ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් – 2
මහජන එක්සත් පෙරමුණු මන්ත්‍රීවරුන් – 3
මුස්ලිම් මන්ත්‍රීවරුන් – 3
වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් – 1
පිල්ලෙයාන් – 1
අරවින්ද් කුමාර් – 1
සී. වී. විග්නේෂ්වරන් – 1
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් – 2
ඒ. එල්. එම්. අතාවුල්ලා – 1
ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් – 1

වශයෙන් මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති බව සඳහන්.

ඩලස් අලහප්පෙරුම මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එකමුතුව තරග වදින බව නිවේදනය කෙරුණු සැණින් බොහෝ අය සිතුවේ එම තත්වය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද දෙකට බෙදී ඩලස් අලහප්පෙරුම මහතාට වාසිසහගත තත්වයක් උදාවනු ඇති බවකි.

එහෙත් පොහොට්ටු ඡන්ද රැකගනිමින් මන්ත්‍රීවරුන් 134 දෙනෙකු දක්වා ඉහළ සහායක් ලබාගැනීමේ මෙහෙයුම ප්‍රධාන වශයෙන්ම සිදුකෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙනි. එය ඔහු සතු සංවිධාන හැකියාව මනාව පෙන්නුම් කෙරෙන නිදසුනක් වශයෙන් සැලකිය හැකිය. එමෙන්ම විවිධාකාර පාර්ශ්ව 14ක් නියෝජනය කරන පිරිස් නව ආණ්ඩුවට එකතුවීම තුළ එය සෑහෙන දුරට සර්ව පාක්ෂික ආණ්ඩුවක ලක්ෂණ පෙන්නුම් කරන බවත් කිව හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා ධීවර ක්ෂේත්‍රයට කළ හානිය – කෝටි 750 ක් ඉක්මවා විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට...

චීනයේ Bohai මුහුදෙන් ටොන් මිලියන 100 ඉක්මවූ තවත් තෙල් නිධියක්!

කොළඹ LNW:ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6...

මාලිමාව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර...

මම දැක්කා විපක්ෂය මේ දවස්වල එන්නතක් අල්ලන් කෙඳිරි ගානවා. ඕවා විකාර කතා – මාලිමා මන්ත්‍රී උපුල්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රමිතියෙන් බාල එන්නතක් සම්බන්ධයෙන් විපක්ෂය ආණ්ඩුවට...