රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW :
පසුගිය දින කිහිපය පුරා පැවති ආපදා හේතුවෙන් 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමුණද සැලසුම් කළ පරිදි එම විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසයේ මුල් භාගයේදී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් නොවැම්බර් 10 වනදා ආරම්භ වූ එම විභාගය දෙසැම්බර් පළමු වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත් පැවති ආපදා තත්ත්වය හමුවේ නොවැම්බර් 27 වනදා සිට එම විභාගය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමටයි විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේ. ඒ අනුව එම විභාගයේ ඉතිරි විෂයන් සදහා වූ විභාගය ලබන ජනවාරි 12 වනදා සිට පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණයක් ගැණුනි.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ, 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවත්, ඒ අනුව එම විභාගයේ ප්‍රතිඵල එළඹෙන සිංහල හා දෙමළ අවුරුද්දට පෙර ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
